සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙයි . ඒ, නවසීලන්තයේ කයිස් චර්ච්හිදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කරනලදි.
ඒ අනුව තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් රැස්කරගෙන සිටියා. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 14 කට දැවී ගියා.
ඉන් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 16 වන අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා. පන්දු 40 කින් වාර්තාවූ ඔහුගේ අර්ධ ශතකයට 4 පහර 11 ක් ඇතුලත්.
කුසල් මෙන්ඩිස් ලකුණු 87 කට සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 50කට දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට එක්වන්නේ පිතිකරුවන් 7 දෙනෙකු සමඟයි. වේගපන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර එක්වනවා. ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා කන්ඩායමට එක්ව සිටින එකම විශේෂඥ දඟ පන්දු යවන්නායි.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ව දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් විය.
චන්දිමාල් ලකුණු 39ක් රැස්කළ අතර එම කඩුල්ලත් සමග නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට සවුදි සමත් විය.
එහිදී ඔහු තරග 354කදී ලබාගෙන ඇති කඩුලු ගණන 706කි.
එම වාර්තාව හිමිකරගෙන සිටියේ ඩනියෙල් විටෝරි ය. ඔහු තරග 442කදී කඩුලු 705ක් ලබාගෙන තිබුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගත්තේය.
මේ වනවිට ටෙස්ට් තරග 101කදී මැතිව්ස් ලකුණු 7000ක් ලබාගෙන ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක තිස් අටක් අයත්වෙයි.
නමුත් ඔහුව ලකුණු 47දීම දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන මැට් හෙන්රි සමත්විය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවි ලකුණු 260ක් ලබාගෙන සිටී.