Aboutceylon Online

හයිලෙවල් මාර්ගයේ සියලු බස් රථ අද සිට මාකුඹුරේත් නවතී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන්කරන සියලු දුරගමන් සේවා හා අධිවේගි මගී ප්‍රවාහන බස් රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගීන්, බස් රථවලට නංවා ගැනීම වළක්වා ගැනීමේ අරමුණු කරගනිමින්.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම තීරණයට විරෝධය පළ කරයි.

ඔවුන් කියා සිටියේ මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට පෙර අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් බස් රථවලට ප්‍රවාහන අමාත්‍යංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන අවිධිමත් බලපත්‍ර නිකුත් කිරීම් නතර කළ යුතු බවයි.

Scroll to Top