HASS නමැති අලිගැටපේර විශේෂය මෙරට තුළ ව්‍යාප්ත කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ, විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේයි.
එහි පළමු අදියර ලෙස එච් ඒ එස් එස් අලිගැටපේර විශේෂය ව්‍යාප්ත කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.
විදේශ වෙළදපොල වෙත පහසුවෙන් යොමුකළ හැකි එකම අලිගැටපේර විශේෂය එච් ඒ එස් එස් නමැති අලිගැටපේර විශේෂය වන අතර එම වර්ගයේ අලිගැටපේර පැල ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර තිබෙනවා.
එම තවාන තුළ මේ වනවිට පැළ 3,000 ක් බද්ධ පැළ වශයෙන් සකස්වීම සිදුවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. මෙම අලිගැටපේර විශේෂයට පළතුරක් මෙන්ම සෞඛ්‍යයට හිතකර අලිගැටපේර තෙල් නිෂ්පාදනය සදහා යොදාගන්නා විශේෂයක් ලෙසද ජාත්‍යන්තර වෙළදපොල තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.