Aboutceylon Online

ඩොලර් නැතිව දුම්රිය පීලි පැනීම් වැඩි වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දුම්රිය දෙපාර්තුමේන්තුවට අවශ්‍ය අමතර කොටස් නොමැති විම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් තවදුරටත් සිදුවෙමින් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩි.එස්.ගුණසිංහ පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ දුම්රිය මාර්ග නඩත්තු නොකිරිම හේතුවෙන් දුම්රියන් පිලි පැනිම් නිරන්තරයෙන් සිදුවන බවයි. මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදු වන බවත් දුම්රිය බලගණ කට්ටලවල නිරන්තරයෙන් ඇති වන කාර්මික දෝෂ දුම්රිය ප්‍රමාදයන්ට හේතු වන බවත්, ප්‍රකාශ කෙරුණා.

දුම්රිය දෙපාර්තුමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශය සමග එක්ව සංවර්ධනය කර දෙපාර්තුමේන්තුවට අදායම් ඉපැයිමට පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩි.එස්.ගුණසිංහ පැවසුවේ.

දුම්රියේ ගැටි වන අලි මියයාම සම්බන්ධයෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඉදිරියේදි නව තාක්ෂණය යොදා ගනිමින් දුම්රියන් වලට වනඅලි ගැටි මියයාම අවම කර ගැනිමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Scroll to Top