Aboutceylon Online

ජල බිල්පත් ගෙවීමට නව ක්‍රමයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම බිල ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් එය ආරම්භ කරන බවයි ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

මාර්තු 01 වැනි දා සිට ක්‍රියාත්මක කරනු ලබන නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමග ලබා දෙන රිසිට්පතට බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කරයි.

Scroll to Top