වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සමග සාකච්ජාවක් ඊයේ පැවැත්විණි. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී.
පැමිණ සිටි පිරිසට චක්‍රෙල්ඛය අනුව කරුණු පැහැදිලි කළ දිසාපතිවරයා දැනට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී ගබඩා කළ හැකි ඉඩ ප්‍රමාණය පිළිබඳ විමසා සිටියා.
සාකච්ජාවේ දී වියළි වී කිලෝවක් රුපියල් 100 කටත්, තෙතමනය 14 ට වඩා වැඩි වී කිලෝවක් රුපියල් 88 කට ද මිල දී ගැනීමට සාකච්ජා විණි. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී මෙට්‍රික් ටොන් හතලිස්දහසක් (40000) පමණ ගබඩා කොට තබා ගැනීමේ පහසුකම් පවතින අතර මෙදින දින පැමිණ සිටි පිරිසගෙන් වී ගබඩා කර තබා ගත හැකි ධාරිතාවය පිළිබඳ විමසූ විට වී මෙට්‍රික් ටොන් විසිදෙදසහක් (22000) ක් පමණ ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය පහසුකම් පැමිණ සිටි පිරිස සතුව පවතින බව අනාවරණය විය.
සාකච්ජාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා එන්.ජී අබේසේකර මහත්මිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ එච්.එල් තේනුවර මහත්මිය, සැලසුම් අධ්යක්ෂ සුගත් නයනානන්ද මහතා, ප්‍රධාන ගණකාධිකාරි අරුණ රවී මහතා, සහකාර පොහොර අධ්යක්ෂ බන්දුල කුමාර මහතා, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් පිරිසක් සහභාගී වී සිටියහ.
තිසර සමල් – අනුරාධපුර