තුර්කියේ භුමිකම්පාවෙන් මියගිය අයට පිං අනුමෝදම් කරමින් සහ භුමිකම්පාවෙන් තුවාල ලැබු පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික නායකයින් එක්ව පිංකමක් පවත්වයි.
තුර්කියේ භුමිකම්පාවෙන් මියගිය අයට පිං අනුමෝදම් කරමින් සහ භුමිකම්පාවෙන් තුවාල ලැබු අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි (13) දින පස්වරුවේ හැටන් ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් එක්ව පිංකමක් පැවැත්විණ.
හැටන් නිග්‍රෝධාරාම විහාරයේ විහාරාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්තපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමට හැටන් ප්‍රදේශයේ දමිල , ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමික ස්ථානවල පුජකවරුන් සහ එම ආගම් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම පිංකමට සහභාගි විය.
බෞද්ධ චාරිත්‍රානුකුලව භුමිකම්පාවෙන් මියගිය අයට පිං අනුමෝදම් කරමින් හැටන් නිග්‍රෝධාරාම විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු මහ සංඝ රත්නය විසින් පැන් වඩා මිය ගිය අයට පිං අනුමෝදම් කර එයට සමගාමිව අනෙකුත් ආගමික නායකයින්ද ඔහුන්ගේ ආගම්වලට අනුව පිං අනුමෝදම් කිරිම සිදු කරන ලදි.
රංජිත්