තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙක් රෝහල් ගත කෙරේ.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ පහල කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා ඇවිස්සුනු බඹරුන් තමන්ට පස්වරු 3.45 ට පමණ පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගන්තලාව ප්‍රාදේශිය රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යයවරයා පැවසිය.