Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදත් ලංකාවේ භූ කම්පන – ඉදිරියේදී තවත් වාර්තා විය හැකියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බුත්තල – වැල්ලවාය ප්‍රදේශයෙන් තවත් සුළු කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අද (11) අලුයම 3ට පමණ වන අතර මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ මැග්නිටියුට් ඒකක 2.3 ක ප්‍රබලත්වයෙන් යුක්ත වේ.

මෙය බරපතළ තත්ත්වයක් නොවන බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව එම කාර්යංශය දන්වයි.

ඊයේ (10) දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදුවිය.

ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඉන්දු-ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳීයාම දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට තරමක් වේගවත්ව සිදුවෙමින් පවතින බවත් එම බිඳී යාම සිදු වන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙන බව ද මහාචාර්යවරයා පවසයි.

මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේදී වාර්තා විය හැකි බවද ජේෂ්ඨ මහාචාර්ය වරයා පැවසීය.

Scroll to Top