අසූ අට -අසූ නවයේ ගහගත්තා ප්‍රේමදාසයි විජේවීරයි. මේ සැරේ වේදිකාවක් ගානේ ගහගන්නෙ අනුර කුමාරයි ප්‍රේමදාස මහත්තයාගේ පුතයි යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් මහතා පැවසීය.
රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ වැඩබිම නිරීක්ෂණය සඳහා පැමිණි අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
පසුගිය දෙසැම්බර් මස 22 වැනි දින ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන බවට පොරොන්දු වූ අතර, ඒ අනුව ප්‍රසාද දීමනා සේවකින්ට ප්රදානය කිරීමෙන් අනතුරුව සේවකයින් හමු වීමට අමාත්‍යයවරයා මෙලස පැමිණිය.
අනතුරුව අමාත්‍යයතුමන් සේවකයින් අමතමින් කියා සිටියේ,
අපි 225 ම එළවන්න, පළාත් සභා වල ඉන්න අයත් එළවන්න, අපිව එලෙව්වා කියලා මේක හරියන්නේ නෑ, ප්‍රාදේශීය සභා ටිකත් වහලා දාලා කරන්න දෙන්නකෝ කට්ටියට, ඔය කයිය ගහන අයියලාට කරන්න කියන්නකෝ, ඔය අපේ පක්ෂ වල අපෙන් එපා වෙච්ච අය, රස්සාවල් ගත්ත, එපා වෙච්ච එවුන් ටික තමයි දැන් අනෙක් කට්ටියට එකතු වෙලා ඉන්නේ, උන් තමයි මේ සැරේ ඡන්දේ ඉල්ලන්නේ, අපි ලඟ ඉදලා ජොබ් එක අරන් ට්‍රාන්සර් එක දුන්නේ නැති අපි ගාව හිටපු, අනෙක් මිනිහට ගන්න දෙන්නේ නැතව ශාඛා සමිතියේ හිටපු එවුන් තමා දැන් අනෙක් පැත්තට ගිහින් ඉන්නේ, ඒ වගේම රාජ්‍යය සේවයේ අයත්, හැමෝම නෙමෙයි, බාගෙට වැඩ කරන අය තමයි ඒ ගොල්ලන්ගේ වේදිකා වල ඉන්නේ, අපේ ගෙවල් ගිණි තිබ්බා කියලා මේ ප්රශ්නය විසඳෙන්නේ නෑ, ඉහළ ඉඳන්ම මේක විසඳෙන්න ඔ්න,
මොරගහකන්ද වතුර පුරවලා තියෙන්නේ මැණික් නිධියක, මැණික් ටික අරගන්නේ නැතිව වතුර පිරෙව්වා, මැණික් ටික අරගෙන වතුර පිරෙව්වා නම් මැණික් වලින් ලැබෙන ලාභයෙන් මොරඟහකන්ද ඉවර කරන්න තිබුණා, මොරගහකන්දට ණය වුණා මැණික් ටික යට වුණා.නිධානයක් උඩ ඉන්න රටක් හිඟා කනවා.පොළව යට නිධානයක් තියාගෙන අපි හිඟා කන්නේ හිතන් නැතිව වැඩ කරන නිසා.මොරගහකන්දේ මැණික් ටික අවුරුද්දක් ඇතුළත ගන්න දෙනවා කියලා වෙන්දේසි කරලා මැණික් ටික ගන්න දුන්නා නම් අද මැණික් හා ස්වර්ණාභරණ ආයතනයටත් සල්ලි තියෙනවා, මැණික් වල ආධායමත් එනවා.එහෙම නොකර මැණික් ටික වලේ දැම්මා, වතුර පිරෙව්වා.ඒවා ගැනත් අපි කල්පනා කරන්න ඔ්න යැයිද පැවසීය.
අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් රාජ්‍යය අමාත්‍යයතුමන්.
දේශපාලන අර්බුදය කොහොමද ? ඡන්දයක් තියයිද? නැද්ද ?
තාම දන්නේ නෑ, දේශපාලනයයේ ඡන්ද තියෙනවද නැද්ද කියලා කියන්නේ නෑ, අපිට ඡන්ද තිබ්බත් එකයි, නැතත් එකයි. මට දීපු රාජ්‍ය අමාත්‍යංශයේ මම වැඩ කරගෙන යනවා. ඡන්ද ගැන හිතන්නේ නෑ මම අදත් පොස්පේට් එකට ආවේ දෙවැනි වතාවට මේ පොස්පේට් එකේ තියෙන ප්‍රශ්න ගැටලු බලලා.මට භාරදීපු වැඩ කොටස මම කරගෙන යනවා.
මේ දවස්වල ජනතා විමුක්ති පෙරමුණ , සමගි ජන බලවේගය ලොකුවට මැතිවරණ වේදිකා පවත්වමින් යනවා නේද?
ඒ් දොගල්ල ගහගන්නවා, ජනතා විමුක්ති පෙරමුණයි ප්‍රේමදාසගේ පුතායි එක්දාස් නමසිය අසූ අටේ වගේ, එදා ප්‍රේමදාසයි ජේවීපී එකයි ගහ ගත්තා .මේ සැරේ ප්‍රේමදාසගේ පුතයි, අනුර කුමාරයි ගහගන්නවා. ගියසැරේ අසූ අට -අසූ නවයේ ගහගත්තා ප්‍රේමදාසයි විජේවීරයි. මේ සැරේ වේදිකාවක් ගානේ ගහගන්නෙ අනුර කුමාරයි ප්‍රේමදාස මහත්තයාගේ පුතයි.
ජනතා විමුක්ති පෙරමුණ කියනවා, මේ මැතිවරණ පුංචි ඡන්දයක් වුණාට එයාලා ආණ්ඩු බලය අල්ලනවා ජනාධිපති මාරු කරනවා කියලා මේ ඡන්දයෙන් කියලා, එහෙම පුලුවන්ද?
එහෙම පුළුවන් කියලා ඒ අය හිතාගෙන ඉන්නවා, මං දන්න විදිහට නම් ව්‍යවස්ථාවේ එහෙම එකක් නෑ. ජනාධිපතිවරයා එළවන්න නම් , තුනෙන් දෙකක් , එකසිය පනහක් ඕන පුංචි ඡන්දේ දිනලා ඒ ගොල්ලන්ට එකසිය පනහක් එකතු කරන්න පුළුවන් දන්නේ නැහැ.එහෙම එකසිය පනහක් එකතු කරන්න නම් අපිත් ගිහිල්ලා ඒ ගොල්ලන්ගේ පැත්තේ හිටගන්න ඔ්න, මං හිතන්නෙ නෑ එහෙම අපි ඔක්කොම ගිහිල්ලා ඒ ගොල්ලන්ගේ පැත්තේ ඉඳ ගන්න අපිට මේ ඔලුවෙ ලෙඩක් නෑ . මානසික ලෙඩකුත් නැහැ. ඒ නිසා අපි එකසිය පනහක් අවශ්‍යයි නේ, ඕගොල්ලො දන්න විදිහටනම් 77 ව්‍යවස්ථාව අනුව ජනාධිපති කෙනෙක් පත් කරන්න එක්කෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඔ්න, නැත්නම් ජනමත විචාරණයකට යන්න ඔ්න, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් මදි ජනමත විචාරණයකට යන්න ඕනැ.ජනාධිපති එලවන්න.
ඔබතුමා පහුගිය දවසක කිව්වා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා?
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්ව නිසා, මාත් ඉදිරිපත් වුණොත් එයාට වැඩිය එකක් හරි මට ගන්න පුලුවන් කියලා.තාම ඉදිරිපත් වෙන්න නෑ, එන විදිහට තමයි බෝලේ ගහන්න ඔ්න, ඒ වෙලාවට බලමු, ඒ වෙලාවට තමයි බෝලේ ගහන්නේ යැයි පැවසීය.
මෙම අවස්ථාවට පොස්පේට් රාජ්‍යය සමාගමේ සභාපතිනී සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුලු ආයතනයේ විධායක නිළධාරීන්, සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තිසර සමල් – අනුරාධපුර