Aboutceylon Online

වනාන්තර තුළ ජීවත්වන ජනතාවගේ ගැටලු විසදීමට වැඩසටහනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාලනය යටතේ පවතින වනාන්තර තුළ ජීවත්වන ජනතාවගේ ගැටලු විසදීම සඳහා සකස් කළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ‍එම ප්‍රදේශවල පදිංචිව සිටින හෝ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටින ජනතාව ගැටලු ගණනාවකට මුහුණ දී සිටින නමුත්, මේ වන තෙක් ස්ථීර විසඳුමක් ලබා දී නොමැත.

එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් නියමිත දින වකවානු සහිතව වැඩසටහනක් සකස් කර තිබේ.

එම වැඩසටහනේ මූලික අදියර ලෙස වනාන්තර බහුලව පවතින හා යුදමය වාතාවරණය පැවති දිස්ත්‍රික්කවල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Scroll to Top