Aboutceylon Online

කාලගුණයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ දිනවල බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය ඉදිරි මාසය තුළ දී ද අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර ,දකුණ සහ උතුරු පළාත්වල උදෑසනට මෙලෙස අධික ශීත කාලගුණික තත්ත්වයක් දකින්න ලැබෙනවා.

ඇතැම්විට එම ශීත කාලගුණික තත්ත්වය දහවල් වෙන තෙක් පැවතීම ද විශේෂත්වයක්.

මෙම ප්‍රදේශවල අහස වළාකුලින් බරව පැවතීම මීට ප්‍රධාන හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව ,අනුරාධපුර යන දිස්ත්‍රිකවලට මෙම දිනවල සවස් කාලයේදී විටින් විට තද වැසි ඇදහැලිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Scroll to Top