දඹාන ආදිවාසී දරු දැරියන්ට නොමිලේ ඉංග්රීසි භාෂාව ඉගැන්වීමට වැඩ පිළිවෙලක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ගේ ඉල්ලීම පරිදි දඹාන සංචාරක පොලීසියේ මැදිහත් වීම මතයි මෙම ඉංග්රීසි ඉගැන්වීම් වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ.
ආදිවාසීන් මුනගැසීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් සමග සහභාගීවන ඇතැම් සංචාරක මගපෙන්වන්නන් ඔවුන්ට වාසිදායක ලෙස භාෂාව හසුරුවන නිසා ආදිවාසීන් මෙසේ ඉංග්රීසි භාෂාව හදාරන බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.