මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්.
ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂක ප්‍රවර්ධනයට මෙන්ම අගතියට හේතුවන පරිදි හෝ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යට බාධාවන ආකාරයේ පැමිණිලි එම මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා පැවසුවේ.
011 2 86 00 56 , 011 2 86 00 59 හෝ 011 2 86 00 69 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. ඊට අමතරව 011 2 86 00 57 සහ 011 2 86 00 62 යන ෆැක්ස් අංක හරහාද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
071 91 60 000 අංකයෙන් වයිබර් හෝ වට්ස් ඇප් මඟින් ද පැමිණිලි යොමු කල හැකිවනවා. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ ඊමේල් ලිපිනයට සහ ෆේස්බුක් පිටුවටද පැමිණිලි යොමු කල හැකියි.
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් භාර ගැනීම මේ මස 23වනදායින් අවසන් වීමට නියමිතයි.
තැපෑලේ ඇති විය හැකි ප්‍රමාදවීම හා මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින තිබීම මත නියමිත දිනට පෙර අයදුම්පත නොලැබිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
එබැවින් මේ මස 20, 21 , 22 , හා 23 යන දිනයන් තුළදී සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් අයදුම්කරුවන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනැවිත් භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.