ශ්රී ලංකාව සමග පැවති අවසන් එක්දින තරගය ලකුණු 317 කින් ජයග්රහණය කිරීමට ඉන්දීය පිල සමත් වුවා. ශ්රී ලංකාව ලැබූ මෙම පරාජය එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ ඉහලම ලකුණු පරතරයෙන් යුත් පරාජය ලෙසයි වාර්තා පොත් අතරට එක්වුයේ.
ලකුණු 391ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා පිල පන්දු වාර 22ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 73ක් පමණයි.
ශ්රී ලංකා පිල වෙනුවෙන් නුවනිදු ප්රනාන්දු ලකුණු 19ක්, කසුන් රාජිත නොදැවී ලකුණු 13ක් සහ නායක දසුන් ශානක ලකුණු 11ක් රැස් කරනු ලැබුවා. සෙසු ශ්රී ලාංකික පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකර යෑමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
මේ අතර ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් දෙදෙනෙකු වන, ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී එකිනෙකා ගැටීමෙන් අනතුරක් සිදුවිණි.