හින්දු භක්තිකයන්ගේ නව වසරේ ප්‍රධාන ආගමික උත්සවයක් ලෙස හැදින්වෙන තෛපොංගල් දින උත්සවයේ ජාතික උත්සවය බුද්ධ ශාසන , ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු කොවිලේදි (15) දින සැමරිණ.
එම අමාත්‍යංශය සහ තලවකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු කොවිලේ භාරකාර මණ්ඩලය විසින් තෛපොංගල් දින ජාතික උත්සවය සංවිධානය කර තිබුණි.
හින්දු කොවිල වෙත පැමිණි අමාත්‍යවරයාව කොවිලේ භාරකාර මණ්ඩලය විසින් පිලි ගැනිමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් තෛපොංගල් විශේෂ කිරිබත පිලියෙල කිරිමට සම්බන්ධවිමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු රටේ සියළුම ජනතාවට සෙත් පතා එම කොවිලේ පුජකවරුන් විසින් විශේෂ ආශිර්වාද පුජාවක්ද පවත්වනු ලැබුහ.
තෛපොංගල් දින ජාතික උත්සවය සමගාමිව පාසල් ළමුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සංස්කෘතික ප්රසංගයක්ද එම කොවිලේ උත්සව ශාලාවේදි පැවැත්විණ.
රංජිත්