කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් හෙට (13) පෙරවරුවේ සිට එම බලාගාරය අක්රීයවීමට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (12) පැවසීය.
එම බලාගාරය හෙට පෙරවරුව දක්වා ක්‍රියාත්මක කිරීමට ‘නැප්තා’ ඇති බව කී සභාපතිවරයා එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ‘නැප්තා’ මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට මුදල් සොයාගැනීමට විදුලිබල මණ්ඩලය බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් අද පස්වරුවේ හෝ මුදල් ප්‍රමාණයක් දීමට හැකිවුවහොත් ‘නැප්තා’ ලැබෙන බවත් සඳහන් කළේය.