රාජ්‍ය සේවක වැටුප් , විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කර ගත යුතු නොමැති බවත් එම දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ප්රමුඛතාවයන් ලබා දෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කරන බවයි.
රජයේ යම් යම් ව්‍යාපෘති වෙනුවෙන් ගෙවීමට තිබෙන බිල්පත් පියවීම සඳහාත් ක්‍රමවත් පියවරයන් සාකච්ඡා මට්ටමේ පවතින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.