නකල්ස් කඳු පංතියේ පිහිටි පිටවල පතනේ ස්ථාපිත කර ඇති ලග්ගල දුම්බර තොරතුරු මධ්‍යස්ථානය යළි මහජනයා වෙත විවෘත කර තිබේ. පසුගිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පිටවල පතන ආශ්රිත කලාපය සංචාරකයින්ට වසා තිබිණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන මෙම තොරතුරු මධ්‍යස්ථානයේ දී ලග්ගල ගැමියා විසින් භාවිත කරන ලද විවිධ පැරණි මෙවලම් දැකගත හැකිය.
නකල්ස් කඳු පංති ආශ්රිත භූ විෂමතා ලක්ෂණ, ආවේණික සත්ත්ව විශේෂ මෙන්ම නකල්ස් කලාපයේ විවිධ සංඛ්‍යාන දත්ත ඇතුළත් තොරතුරු රැසක් ද නරඹන්නන්ට මෙහිදී දැකගත හැකිය. මෙම තොරතුරු මධ්‍යස්ථානයේ සියලු ස්ථාන නොමිලේ නැරඹීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින්ට ඉඩ සලසා දී තිබේ.
නාඋල සමූහ