සිය ප්‍රතිපත්ති අනුව රට පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා වහාම අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්වීම සුදුසු යැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති.
අග්‍රාමාත්‍යවරයා සිය තනතුරින් සහ අමාත්‍යංශ විෂයන්ගෙන් ඉවත් වී නව ජනාධිපතිවරයාට නිසි අයුරින් රට සකස් කර ගැනීම සදහා අවස්ථාව ලබා දිය යුතු බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේඛකාධිකාරී හිමියන් සදහන් කළහ.
සිය සිතුම් පැතුම් හා අපේක්ෂාව අනුව රට පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවිය යුතු යැයි කී ලේඛකාධිකාරී හිමියන් තවදුරටත් මෙසේ ද සදහන් කළහ.
ජනාධිපතිධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීම පිළිබදව මහා සංඝතරත්නයේ කෘතවේදීත්වය නිරන්තරයෙන් පළ වෙනවා. මේ රට සිංහළ බෞද්ධයන්ගේ රටක් නොවේය සහ මහා සංඝරත්නයට එල්ල කළ තාඩන පීඩන හේතුවෙන් සිංහළ බෞද්ධයන් කල් ගෙවනු ලැබුවේ දැඩි කළ කිරීමෙන්.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය පහත් කොට සැලකීම මෙන්ම මහා සංඝරත්නය හෙළා දැකීම එක්සත් ජාතික පක්ෂයට විශාල අහිතකර බලපෑමක් වුණා. එම පාප කර්මයට කරගහන්න සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත්වූ ජනපති අපේක්ෂකයාටයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය මහජනතාව කැළඹීමට පත් කරන හෝ ව්‍යවස්ථා විරෝධී අයුරින් සිදු කෙරෙනවා නම් එවැන්නක් මහා සංඝරත්නය අපේක්ෂා නොකරන බවත් රටේ ඒකීයත්වය සුරක්ෂිත කරමින් සියලු ක්‍රියාදාමයන් සාර්ථකව නිම කළ යුතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.