Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කළුවාමෝදර ප්‍රංශ ‘ලැකී’ මරු දකී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අලුත්ගම, කළුවාමෝදර පදිංචි පුද්ගලයන් තුන්දෙනෙකු හා නිවාස කීපයක ඇති කර ඇති සුනඛයන් කිහිපදෙනකුද සපා කා තිබෙන බෙන්තොට සංචාරක නිකේතනයක ප්‍රංශ ජාතික විදේශීකයාට අයත් වයස අවුරුදු තුන හමාරක් වයසැති ග්‍රේඩන් වර්ගයේ ‘ලැකි’ නම් බැල්ලිය  මියගොස් ගොස් ඇත.

මෙම බැල්ලිය බෙන්තොට එම නිවසේ සිට දම්වැල කඩා කළුවාමෝදර ප්‍රදේශයට පලාවිත් පුද්ගලයන් තුන් දෙනෙකු බරපතළ ලෙස සපාකා ඇත.

මේ සම්බන්ධයෙන් අලුත්ගම ප්‍රදේශය බාර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳරුවන් විජයරත්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ එම සුනකයාගේ හිස මේ වන විට බොරැල්ල වෛද්‍ය පරීක්ෂණාගාරයට යවා ඇති අතර, සුනඛයා සපා කෑ පුද්ගලයන් තුන් දෙනාට අදාළ එන්නත් ලබාදී ඇති බවත් පැවසීය. මියගොස් සිටින එම බැලිය සපා කෑ බව කියන කළුවාමෝදර ප්‍රදේශයේ නිවාසවල ඇති කළ සුනකයින් ගැන ද අවධානයෙන් පසුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

මේ පිළිබඳව බෙන්තොට සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලනමහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයාට දැනුවත් කර ඇති බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් ඉදිරි පරීක්ෂණ සිදු කරයි.

Scroll to Top