Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජගත් පාපන්දු ලොක්කන්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන ලෙසත් එසේ නොවුණහොත් තෙවැනි පාර්ශ්වයක බලපෑම් හේතුවෙන් ඇතිවිය හැකි දණ්ඩන සහ සම්බාධකවලට මුහුණදීමේ අවදානමකට ශ්‍රී ලංකාව පත් වෙනු ඇතැයි දැනුවත් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් ගේ නිර්දේශ මත එම ව්‍යවස්ථාව සකස් කළද තවමත් එය ක්‍රියාත්මක තත්ත්වයක නොපැවතීම සම්බන්ධයෙන් මෙම දැන්වත් කිරීම සිදුකර ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ප්‍රධානී කෙනී ජින් මාර් මහතා සහ ආසියානු පාපන්දු සමුළුවේ නියෝජ්‍ය මහ ලේකම් වහීඩ් කර්දානි මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත එම අවවාදාත්මක ලිපිය පසුගියදා  නිකුත් කර ඇත.

Scroll to Top