යළි ගොඩනැගෙන ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ගැන ඩේලි මේල් පුවත් සේවය පළකළ දීර්ඝ ලිපියක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.
එහි දැක්වෙන්නේ මේ මොහොතේ අඩු මුදලකට සංචාරය කිරීමට සුදුසුම රටක් ලෙස ශ්රී ලංකාව පෙන්වාදිය හැකි බවය.
එම සුවිශේෂී දීර්ඝ ලිපිය අවසන් කර ඇත්තේ මේ ආකාරයෙනි. “මගේ උපදෙස තවත් ප්රමාද නොවී ඉක්මණින් එහි යන ලෙසටය.” (My advice is to get there sooner rather than later.)
21,975,364කට අධික ග්රාහක පිරිසක් සිටින ලෝකයේ වඩාත් ජනප්රිය ඩේලි මේල් වැනි පුවත් සේවයක් හරහා ලැබුණු මෙම පණිවුඩය ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ හෙට දවසට සුවිශේෂී ආලෝකයක් වනු ඇති.