අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුල ජිවත් වන අඩු අදායම්ලාභි පවුල් 1398 දෙනෙකු සදහා හරිත කෘෂිකර්ම මධ්‍යස්ථානය සහ යුධ හමුදාව කිරි පිටි පැකට් බෙදා හැරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මේ වන විට ශ්‍රි ලංකාව තුල ඇති වි ඇති උද්ධමනය හේතුවෙන් රට තුල නිර්මාණය වි ඇති ආහාර අර්බුධයෙන් පිඩිවට පත් දිලිදු පවුල් වෙනුවෙන් සහන සැලසිම මෙන්ම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරිම සහ පෝෂණ තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් හරිත කෘෂිකර්ම මධ්‍යස්ථානය සහ යුධ හමුදා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබුහ.
මෙම ව්‍යාපෘතියට සමගාමිව හැටන් කලාපයේ ජිවත් වන අඩු ආදායම්ලාභි එක් පවුලක් වෙනුවෙන් කිරිපිටි පැකට් දෙක බැගින් පවුල් 120 ක් වෙත අදාල කිරිපිටි පැකට් ලබා දිම සදහා එම කිරිපිටි පැකට් තොගය හැටන් සමෘද්ධි කාර්යාලයේ කලමණාකාරවරයා වෙත භාරදිම නෝටන්බ්‍රිජ් යුධ හමුදා කදවුරේ අණදෙණ නිලධාරි මේජර් කිර්ති කුමාර මහතා සහ එම හමුදා කදුවරේ භට පිරිස් විසින් (19) දින එම සමෘද්ධි කාර්යාලයේ සිදු කරනු ලැබුහ.
එම අදායම්ලාභි පවුල් තොරා දිම හැටන් සමෘද්ධි කාර්යාලය විසින් සිදු කරනු ලැබුහ.
රංජිත්