Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එළවළු මිල යලිත් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එළවළු මිල යලිත් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළදුන් කියා සිටියි.

බෝංචි 520 , කැරට් රු 420 , නුවරඑලිය අල රු 520 , ලික්ස් රු 480 , මාළු මිරිස් රු 800 , බිට්රුට් රු 480 , පතෝල රු 300 , බණ්ඩක්කා රු 280 , වට්ටක්කා රු 280 , රාබු 120 , ගෝවා රු 130 , අමු මිරිස් රු 280 , නයි මිරිස් රු 800 වැනි සිල්ලර මිලකට අලෙවි කරයි.

දිවයිනේ සුපිරි වෙළදසැල් වල එළවළු ඉල්ලුම පහත වැටි ඇති බවත්, එළවළු මිල ඉහළ යාම හමුවේ එය 30% දක්වා පහත වැටි ඇති බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

රංජිත්

Scroll to Top