2022 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (18) පෙරවරු 9.30 ට ආරම්භ වී පස්වරු 12.15 ට අවසන් විය.
විභාග මෂ්යස්ථාන 2894 කදී , සිසු දරු දැරියන් 334698 ක් අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්හ.
විභාග මධ්‍යස්ථාන වෙත සිසු දරු දැරියන් පෙරවරු 9.00 ට ඇතුළු කර විභාග ශාලාවල වාඩි කිරීම සිදු කිරීමෙන් පසු ශිෂ්‍යත්ව විභාගය පෙරවරු 9.30 ට ආරම්භ කෙරුණු අතර,මෙවර විභාගය පැවැත්වීමේ ක්‍රමවේදයේ වෙනසක්ද විභාග දෙපාර්තමේන්තුව සිදු කර තිබූ අතර, ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුව පිළිතුරු සැපයීමටත්, ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමටත් අවස්ථාව හිමි විය.
පෙර වසරවල මෙන් මෙවර සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් හිමිගැන්වීමක් සිදු නොවුණ බවත්, විභාගය ආරම්භයේදී පැමිණෙන සියලු ශිෂ්‍යන්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබීමත් විශේෂත්වයකි.
ශිෂ්‍යත්වවිභාගය අවසන් වීමෙන් අනතුරුව විභාග මධ්‍යස්ථානයන්ගෙන් පිටතට පැමිණි බොහෝ සිසු දරු දැරියන් කියා සිටියේ පළමු ප්‍රශ්න පත්‍රය අමාරු බවයි.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමාපියන් කියා සිටියේ,
ඊයේ දවසේ ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ළමයි මෙතුවක් කාළයක් ශිෂ්‍යත්වයට මුහුණ දුන්න දරුවන්ගෙන් දුක්බරම ළමයි ටික, මේ දරුවන්ගේ කාළයේදී රටේ ඉන්ධන ප්‍රශ්නයත් එක්ක පාසල් වැසුනා, පාඩම් කරන්න තිබුණ වෙලාවේදී විදුලිය විසන්ධි කළා, (17) විතරයි විදුලිය නොකපා තිබුණේ එක දවසක් ඇතිද පාඩම් කරන්න මේ විභාගයට, ඒ වගේම කොරෝනා ප්‍රශ්නයත් එක්ක 2- 3 වසරේ ඉඳන්ම ඉතාම ප්‍රශ්න රැසකට මේ දරු පිරිස මුහුණ දුන්නා.ඉදිරියට එන ළමයින්ට මේ ප්‍රශ්න ඇති නොවෙන්න බලධාරීන් කටයුතු කළ යුතුයි.මේ දරුවෝ විභාගයට මුහුණ දුන්නේ ප්‍රශ්න ගොඩක් මැද බොහෝම බයෙන්, ළමයි ලොකු පීඩනයක හිටියේ යැයි පැවසීය.
තිසර සමල් – අනුරාධපුර