Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධික සීතලෙන් ගවයින් 250 ක් මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධික ශීත කාලගුණය දරාගත නොහැකිව  ගවයින් සහ එළුවන් විශාල පිරිසක් මියගොස් ඇත.

කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල පමණක් එලෙස මියගොස් ඇති ගවයින් සංඛ්‍යාව 250 කට ආසන්නයි. මෙම දිස්ත්‍රික්කවල එළිමහන් ගවමඩු රැසක් පවතින බවත්, එවැනි ගවමඩුවල සිටි ගවයින් මෙලෙස මියගොස් ඇත. වව්නියාවේ සහ කිලිනොච්චියේ උෂ්ණත්වය පවා දැක්වුණේ සෙල්සියස් අංශක 19 කටත් පහළ මට්ටමකයි.

ජාත්‍යන්තර වායු දූෂණ මට්ටම් පරීක්ෂා කෙරෙන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම තවමත් පවතින්නේ සැලකිය යුතු මට්ටමකයි. ඒ අතරින් ගම්පහ වායු දූෂණ මට්ටම 153 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ජාත්‍යන්තර දත්තවලට අනුව 101 ත් 200 ත් අතර අගයක් යනු වායුගෝලයේ අයහපත් මට්ටමක් වනවා. කොළඹ, මීගමුව, යාපනය, රත්නපුර, මහනුවර සහ අම්බලන්තොට යන නගරවල එම අගය පැවතුනේ 110 ත් 131 ත් අතර අගයන්වලයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, බත්තරමුල්ල, යාපනය සහ මන්නාරම යන නගර ආශ්‍රිත වායුගෝලයේ දූෂණ මට්ටම පැවතුනේ සංවේදී පිරිස් වෙත යම් බලපෑමක් එල්ල කළ හැකි මට්ටමකයි.

 

Scroll to Top