දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයෙකු ඊයේ (22දා) අලුයම මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය.
මේ වනවිට සත්වෝද්‍යානයේ සිටින ගැහැනු ජිරාෆ් සතුන් තිදෙනාගෙන් බාලම සත්වයා මෙලෙස මියගොස් ඇති බවත් මියයන විට එම සත්වයාගේ වයස අවුරුදු 19ක් වූ බවද සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි. එදින උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්ෂණ කටයුතු සඳහා ගිය අතරවාරයේ එම සත්වයා එළිමහන් පිට්ටනියේ වැතිර සිටිනු දැක ඒ පිළිබඳ පාලනාධිකාරිය දැනුවත් කර තිබේ.
ඒ අනුව අදාළ ස්ථානයට පැමිණි සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය එම සත්වයා මියගොස් ඇති බවට අනාවරණය කරගෙන තිබිණි. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ එම සත්වයා හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍යවරුන් පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේය.