අද( 23) දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට සෞදි පුවත් සේවයක් වන කලීජ් ටයිම්ස් වාර්තා කරයි.
එම පුවත් වාර්තා අනුව දැක්වෙන්නේ FIFA ලෝක කුසලානයේ අද පැවති තරගයෙන් සෞදි අරාබි කණ්ඩායම වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය සැමරීම සඳහා යි.
ප්‍රබල ක්‍රීඩක ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම 2-1ක් වශයෙන් දෝහා හි ලුසේල් ක්‍රීඩාංගනයේ දී සෞදි අරාබි කණ්ඩායම විසින් පරාජයට පත් කිරීම හේතු කොට ගනිමින් මෙම නිවාඩුව ප්‍රකාශ කළ සෞදි රාජධානිය එම විශේෂ නිවාඩුව එරට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ටද අදාළ වන අයුරින් ලබා දී තිබෙනවා.
තරඟ 36කින් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහි ගමන සෞදි අරාබියාව හමුවේ පරාජයට පත්වූයේ ගෝල 2ට 1ක් ලෙසයි.
මේ අතර පාපන්දු ලෝක කුසලානයට අදාළව ඊයේ නිමාවට පත්වූ තවත් තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඩෙන්මාර්කය – ටියුනීෂියාව සමඟත් මෙක්සිකෝව – පෝලන්තය අතරත් තරඟ වැදුණු අතර කණ්ඩායම් හතරටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් සම සමව අවසන් වුණා.
එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟය ප්‍රංශය ජයගනු ලැබුවේ ගෝල 4ට 1ක් ලෙසයි.
මේ අතර පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, කණ්ඩායමේ කළමනාකරු සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.