Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කිතුලටත් හොඳ කලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා  පැවසීය.

දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව කී ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ හෙවත් ‘සැප් ව්‍යාපෘතිය’ ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කළේය.

කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්කය 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ කටයුතු කරන බවත් ‘සැප්’ ව්‍යාපෘතියෙන් කිතුල් ගෙවීන්ට පහසුකම් සළසන බවත් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Scroll to Top