Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මොහිණි ඇල්ල අසල ගල් පෙරලිමේ අවධානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මොහිණි ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට කදු මුදුනේ සිට ගල් පර්වත පෙරලිමේ අවධානම මෙවර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදෙනු ලැබුහ.

2022-2023 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ මුලාසනයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාල රැස්විම් ශාලාවේ පැවති රැස්විමේදි දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බැව් පැවසිය.

පසුගිය දින කිහිපය තුල මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ මොහිණි ඇල්ල අසල මාර්ගයට කදු මුදුණේ සිට විශාල ගල් පර්වත කිහිපයක් පෙරලි තිබුණි.

තවත් ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලිමේ දැඩි අවධානමක් පවතින නිසා මෙවර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම එම අවධානම නැති කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ද මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලිමක් සිදු කලහ.

මෙයට අමතරව මස්කෙලිය නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගය දැඩි ලෙස අබලන් වි විශාල වලවල් හැරි ඇති නිසා එම මාර්ගය ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙනු ලැබුහ.

2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

රංජිත්

Scroll to Top