Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුළු පරිමාණ ඵළවලු ගොවියා කබලෙන් ලිපට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඵළවලු නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ උඩරට සහ පහතරට සුළු පරිමාණ ඵළවලු ගොවින් ඵළවලු වගාවෙන් ඉවත් විම නිසා ඉදිරි උත්සව සමයේ ඵළවලු මිල ඉහල යා හැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තවමත් රසායනික පොහොර වැඩි මිලට මිල දි ගැනිමට සිදු විම , කෘෂි රසායනික ද්‍රව්‍ය මිල ඉහල යාම සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ඵළවලු වගාවෙන් පාඩු සිදු වන නිසා සුළු පරිමාණ ඵළවලු ගොවියා වගා කටයුතු වලින් ඉවත් වි ඇති බවයි.

මහ පරිමාණ ඵළවලු ගොවියාට පමණක් වෙලදපොලට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි බවත්, ඒ අනුව ඵළවලු වගාවෙන් ඉවත් වි සිටින ඵළවලු ගොවියා යලිත් ගොවිතැනට ගෙන ඒමට රජය ගොවින්ට සහන සලසා දි කටයුතු කල යුතු බවයි.

ජපානයේ හරිත වගා තාක්ෂණය මෙරටට හදුන්වා දි ගොවියා ශක්තිමත් කිරිමටත්, රුසියාවෙන් මෙරටට කිලෝ 50 ක රසායනික පොහොර මිටියක් රු 10000 මිලකට ගොවින්ට ලබාදිමට හැකියාවක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒ අනුව රුසියාවෙන් රසායනික පොහොර ආනයනය කර ගොවින්ට ලබාදිය යුතු බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ.

මේ අතර නුවරඑලිය ප්‍රදේශයේ ඵළවලු වගා කරන ගොවින් කියා සිටින්නේ අක්කරය සහ අක්කර ½ කාලයක් තිස්සේ ඵළවලු වගා කර තමන් ලාභ උපයාගත් බවත්, වර්තමානයේ ඵළවලු වගාව සිදු කර පාඩු ලබන නිසා තමන් ඵළවලු වගාවෙන් ඉවත් වි සිටින බවයි.

රංජිත්

Scroll to Top