Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පකිස්ථාන – නවසීලන්ත පළමු අවසන් පූර්ව තරගය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය සිඩ්නිහිදී අද (09) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ නවසීලන්තය අතරයි.

පකිස්ථානය 2008 වසරේදී 20යි 20 ලෝක ශූරයින් බවට පත් වූ අතර නවසීලන්තය තවමත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමේ පිපාසයෙන් පසුවනු ඇති.

පකිස්ථානය සතුව ශක්තිමත් වේග පන්දු බල ඇණියක් සතු වන බවත්, ඔවුන්ගේ අනෙකුත් ක්‍රීඩකයින් ද දක්ෂතා අතර සිටින බැවින් හොඳ තරගයක් අපේක්ෂා කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසයි.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 තරග 28න් තරග 17ක් ජය ගත්තේ පකිස්ථානයයි.

Scroll to Top