T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) පස්වරු 1.30ට එංගලන්තයට එරෙහිව පැවැත්වේ.
අද තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි.
ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි.
දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී.
T20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට Sirasa TV ඔස්සේ නැරඹිය හැකියි.