ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇත‘විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකියි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට 03 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 08ක හඳුනාගත් ප්‍රදේශ සඳහා ද අදියර 1 සහ 2 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.
ඒ මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රන්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් අවදානම් ප්‍රදේශ සඳහාය.