Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්ධන කෝටාව සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය අද සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළ ව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ අද සිට ක්‍රියාත්මක වනු ඇති.

අනතුරු ව ලබන 6 වැනි දා සිට එය අනෙක් පළාත් තුළ ද ක්‍රියාත්මක කරන බව යි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ.

www.wptaxi.lk නැමති එම වෙබ් අඩවිය පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ හැකි වනවා.

පියවර 11 යටතේ එය ක්‍රියාත්මක කළ යුතු අතර ත්‍රිරෝද රථයේ ඡායාරූප ද ඊට ඇතුළත් කළ යුතු යි.

Scroll to Top