Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

දින කිහිපයක් පුරා පැවැති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,296කට අයත් පුද්ගලයින් 4,929 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 31 කට අයත් පුද්ගලයින් 116 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවය.

මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ය.

Scroll to Top