Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රීඩකයන්ගේ ආබාධවලට හේතුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීමට හේතුව ජිලෝන්ග්හි පවතින සීත දේශගුණය පමණක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය.

ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් 12 වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් වූ තරග තුනම පැවැති ජිලෝන්ග්හි කර්දිනා පාර්ක් ක්‍රීඩාංගණයේ තණනිල්ලේ කිඳා බසින (එබෙන) ස්වභාවයද ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමට හේතුවිනැයි ඊයේ (20) පැවැති තරගය අවසානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය.

ජිලෝන්ග්හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 ක් පමණ වන අතර රාත්‍රී කාලයේදී එය සෙල්සියස් අංශක 6 දක්වා පහළ බසින අවස්ථාද වේ. එසේම තීක්ෂණ පැවැසූ ආකාරයට කාර්දිනා පාර්ක් ක්‍රීඩාංගණයේ ඒ අයුරින් කිඳා බසින ස්වභාවයක්ද පවතින අතර ඉහළින් පැමිණ පතිත වන පන්දුව පෙරට ඇදී යෑමකින් තොරව එක තැන කිඳා බසින ස්වරූපයක්ද වේ.

මේ වනවිට ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයන් සිව් දෙනකු ආබාධවලට ගොදුරුව සිටිති. දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක එම ක්‍රීඩකයෝ වෙති.

ඉන්ද්‍රජිත් ඔස්ට්‍රේලියාවේ සිට

Scroll to Top