Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12ට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මැක්ස් ඕ ඩවුඩ් නොදැවී ලකුණු 71ක් රැස් කළ අතර නායක ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 21ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත් අතර මහේෂ් තීක්ෂණ කඩුලු 2 දවාගත්තේය.

මෙවර පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ තරග එළඹෙන 23 වැනි දින ආරම්භ වනවා.

එහිදී ‘බී’ කාණ්ඩයෙන් කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිත අතර, එම කණ්ඩායම් 04 අතරින් අනුශූරයින් බවට පත්වන කණ්ඩායම සමගයි ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදු වන්නේ.

අනුශූරයින් බවට පත්වීමට ‘බී’ කාණ්ඩය නියෝජනය කරමින් සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්වන්, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය සිටිනවා.

මෙම තරගය ඔස්ට්‍රෙලියාවේ හොබාර්ට් ක්‍රීඩාංගණයේ දී උදෑසන 09ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සමග පළමු තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතරයි.

ඒ එළඹෙන 25 වැනි දින පර්ත් ක්‍රීඩාංගණයේ දියි.

මෙම තරගය දෙරට වේලාවෙන් ආරම්භ වන්නේ සවස 4.30ටයි.

ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුවන්නේ නවසීලන්ත කණ්ඩායම සමගයි.

එම තරගය ඔක්තෝම්බර් මස 29 වැනි දින සිඩ්නි නුවරදි පස්වරු 1.30ට ඇරඹෙනු ඇති.

නොවැම්බර් 01 වැනි දින බ්‍රිස්බේන් නුවරදී ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාව තරග වදිනවා.

ඒ මෙරට වේලාවෙන් උදෑසන 9.30ටයි.

නොවැම්බර් 05 වැනි දින සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම; එංගලන්ත කණ්ඩායම මුණගැහෙනු ඇති.

Scroll to Top