Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගොවීන්ට මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගොවීන්ට ඉදිරි මහ කන්නය සඳහා ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එය සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වගා ණයලාභී ගොවීන් 11 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ලබාදීමට කටයුතු කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම වසර තුළ වගා කටයුතු සඳහා ගොවි බැංකු විසින් රුපියල් බිලියන 7,124 ක්, ගොවීන් දෙලක්ෂ හත්දහස් එකසිය තුන්දෙනෙකුට නිකුත් කර තිබෙනවා.

මේ වසරේ අගෝස්තු මාසය වනවිට ගොවීන් 154,641 දෙනෙකු ලබාගත් වගා ණය ආපසු ගෙවා ඇති අතර, එම මුදල රුපියල් මිලියන 5,472 ක්.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය බැංකුවලින් ගොවීන් ලබාගත් ණය මුදල්වලින් රුපියල් මිලියන 688 ක් කපා හැර තිබෙනවා.

එම ගොවි ණය වසර දෙකක් තුළ මහා භාණ්ඩාගාරයෙන් අදාළ බැංකු වෙත ලබාදීමට නියමිතයි.

Scroll to Top