ජාතික උද්‍යාන, ජාතික සත්වෝද්‍යාන සහ වනාන්තර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ එම රටවල මුදල් ඒකකවලින් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට වනජීවි අමාත්‍යංශය සූදානම් වෙයි.
එමෙන්ම දේශීය සංචාරකයින් සඳහා ද අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීම විධිමත් කිරීමට සැලැසුම් කර ඇති බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ.