රටපුරා හාල් මොල්ලු වී ගොවියෝ රජ කරවති!
වී පටවාගත් කරත්ත පෙළ එක යායට දිගට දිගුවට මහ මූකලානට යාබඳව පිහිටි අමුඩයාය ගමේ සිට කඩමණ්ඩිය දක්වා දිවෙන කරත්ත පාර ඔස්සේ ගමන් කරමින් තිබේ.අමුඩයාය ගමේ අප්පුහාමි ප්රමුඛ අප්පුහාමිලා වී ගොවිතැන,හේන් ගොවිතැන සිදු කරමින් අනාදිමත් කාලයක සිට රජ නොවු ගොවියෝ වූහ.අප්පුහාමිලා කිසිදු දිනක රට කරවූ කිසිදු අප්පුහාමි නායකයෙකුට වදයක් නොවුහ.
අමුඩයාය ගමේ අප්පුහාමිලා රජවෙයි!
හත්මුතු පරම්පරාවේම උරුමය වූයේ අමුඩයයි.අමුඩය ආරක්ෂා කරමින් ගොවිතැන් කරන මේ ගම අප්පුහාමිලා සත්තකින්ම රජ නොවු ගොවි රජවරුන්මය.කඩමණ්ඩියේ හාල් මොල් අප්පුට වී ටික දී ගම අප්පුලා එන්නේ වී වලට සහතික මිලක් තියා දහඩිය මහන්සියට ද ගතමනාවක් නැතුවයි.හාල් මොල් අප්පු සුර සැප විදින අතර ගම අප්පුහාමිලා එදා සිට අද දක්වා ද හෙට ද අපාදුක් විදිනවාය කියමින්,අප්පුහාමි හඳයා ගව අප්පු පෙරටු කොටගෙන යළිත් කඩ මණ්ඩියේ සිට අමුඩයාය ගමට එන්නට පෙරගමන් ගත්තේ තම සහායක ගව අප්පුලාට ද වදයක් නොවන්න ආකාරයෙනි.
අප්පුහාමිගේ සම(හරක්) දු දරුවෝ අමුඩයායටම වදයක් බං…!
අප්පුහාමි හා එතනාහාමිට දූ දරුවෝ දුසිමකි.එවුන්දලා මේවන විට කරදඩු උස් මහත් වී ගම මෙන්ම නගරයේ ද විවිධ රැකියා කරන අතර ගමේද පිරිසක් ජීවත් වේ.එවුන්දලාගෙන් සමහරු අප්පුහාමිට වදක මාරයෝ මෙන් තවමත් කරදර කරති.ගම ගෙදර මේ වන විට සිටින්නේ වයසට ගිය අප්පුහාමි හා එතනාහාමි පමණි.ඒ ගම ගෙදර නැති නම් ඝෝෂ ගෙදර ය.වයසට ගිය ද අප්පුහාමි හා එතනාහාමි දරුවන්ට හෝ රටට වදයක් වුයේ නැත.තවමත් හේනට කුඹුරට ගාටන අප්පුහාමි මේ ගම නායකයා ය.අප්පුහාමිගේ හිසට උඩින් කපුටෙක් වත් පියබන්නේ නැති යැයි එතනාහාමි නාන තොටේ දී ගම එතනලා සමඟ තවමත් කියන්නේ මහත් වූ ආඩම්බරයෙනි.
කුසලහාමිගේ ලඹු කැටය වදයක්ද! පැණි අමුඩය මෙන්න! අපි නොදන්න කඳු රටට වදයක් ම විය.
අප්පුහාමිගේ දූ දරුවෝ අතර කුසලහාමි එකම දියණිය වූවාය.ඇයට දැන් හැට පැනලාය.ඇය කළු ගොනා බැදි කරත්තයෙන් ගමන් කරන්නේ හැටට හැටේ ය.වඳ මළක පැහැය ගත් ඇය කළු සුරුට්ටුවක්ද දල්වාගෙන මී වඳ කඩන්නට මහ මූකලානට යන්නේ ය.මී වඳ කඩන්නට මූකලානේ පැණි කන්ද ට නැංග කුසලහාමිට තවත් කදු රැසක් ඈතින් දැක ගත හැකි වූවාය.ඒ කුණු කඳු,ණය කඳු, හොර කඳු,පවුල් වවුල් කඳු,පවුල් ඩොලර් හොර කඳු,උගණ්ඩා කඳු,ඇමති මැති කඳු දැකිය හැකි වූවාය.මේ සියලුම කඳු රටට ජනතාවට අමු තිත්ත වඳයක්ම වූවාය.
කුසලහාමි පැණි බොන සමනලියක් වැනි රුවැති ලස්සන රූපයක් උරුම වූයේ,වඳ කහ පානය කර නම් නොවේ අම්මා වූ එතනාහාමිගේ රුව ඇයටද පිහිටියා ය.මී වඳ වලින් සකස්කර ගත් පිරිසිදු මී පැණි අය ලඹු කැටයට දමා විකුනන අතර මී පැණි කිසිදු වදයක් නැතිව කඩමණ්ඩියේ දී අළෙවි වන්නේ පැණි කැවුම් සේ ය.
වඳ ගැණි වඳ මිනිහා හැර දිගම අමුඩය!
කුසලහාමිගේ මිනිහා ඇය හැර දා ගියේ ඇය සමඟ වාසය කරන්නට නොහැකි නිසාය.ඇය හිමියාට කීවේ වදකාර මිනිහා කියාය. කුසලහාමිගේ මිනිහා කුසලහාමිට කීවේ මේ වදකභාරි එක්ක දීග කනවාට වඩා නියඟලා අලයක් කා මිය දීම සැනසුමක් බව කියමිනි.රුවැති දියණියන් තිදෙනෙක්ද අතහැර අමුඩයාය ගමෙන් පිටමන් වූ කුසලහාමිගේ දියෙස් අප්පු මිනිහා කුසලහාමි වදකභාරි සොයා කිසිදිනක පැමිණියේ නැත.
ගම්පෙරලිය අතට ගත් සරසවි අප්පුලා අල්ලන්නට සොයයි!
අප්පුහාමිගේ දු දරුවන් අතරේගත් කළ කැම්පොස් එකේ හතරවන වසරේ ඉගෙන ගන්නා කැම්පොස් අප්පු පසුගිය දොහෙ මන්දිර අල්ලා මාට්ටු වූයේ අරගලට යන්තරයක් වාගේ පන්නරය දුන් නිසාය.ඒකා දැන් ආරක්ෂක බුද්ධි අංශයෙන් සොයන්නේ අරගලයට පන්නරය දුන්නේ ඇයි කියමිනි.
කැම්පොස් අප්පු පෙරලියක් කරන්නට අමුඩ ගමේ සිට ගම්පෙරලිය පොත කියවමින් අරගලය බිම අරගල කළ නිසා පුනරුත්තාපනය කරන්නට පියවර ගන්නා බව අමුඩ රටේ අකමැති ජනපති අප්පු මේවන විට තිරණය කර තිබේ.
නවක වදය සිරිකොත හරහා ආසියාවේ සේද මාවත දක්වා යැවේ!
කැම්පොස් අප්පු මේ දිනවල නවක සිසුන්ට නවක වදය දෙන්නේ ය.අරගල කරුවන්ට ආණ්ඩුව අරගල වදය දෙන අතරේ නවක සිසුන්ට කැම්පොස් අප්පුලා නවක වදය දෙන්නේ ය.
නවක වදය දෙන සිසුන්ට නීතිමය වද වන්ධන නීතිරිතී තියනවා කියමින් නෙළුම් මාවත හරහා නෙළුම් පොකුණ පසුකර කෙළුම් කුළුණ අසලින් සිරිකොත පසුකර සිය වාහනය ධාවනය කළේ අප්පුහාමිගේ පොරක දෝරු පුත්තරයා ය.
වඳ කොත්තු තිබෙන ෆාමසි වලට පැන පොලිස් අප්පුලා පොල් රොටියක් අල්ලයි!
අප්පුහාමිගේ පොලි අප්පු පුත්තරයා විවිධ වු ව්‍යාපාර රැසක් කරන මහ බැංකුව නොව ලෝක බැංකුව මෙන් මිල මුදල් ඇති අප්පුහාමි කෙනෙකි.පොලියාගේ කොත්තු කඩේ වඳ කොත්තු නැත.නමුත් පොලියාගේ ෆාමෂිවල වඳ පෙති ඇති බව කියමින් පොලිස් අප්පුලා කොත්තු කඩ වටලන්නේ ඉවක් බවක් නැතිව බව පොලියා කීවේ පොලිච්චි සුන්දර බිරිදටය.
සංවර්ධන වධකාගාර සෑම නගරයකම පිහිටුවයි!
අප්පුහාමිගේ පනින අප්පු ඇමති තුමා ඇවිදින කොමිස් අප්පු කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී මෙසේ කීය.ජනතාව අපට කරදරයක් වඳයක් නෑ.ඒ අය අපිට අදත් හෙටත් කවදත් චන්දය දෙනවා.මැති ඇමතිලා ජනතාවට වදයක් නෑ.අලුත් වඳ ඇමති ලඟදීම පත් කරනවා.රට සංවර්ධනය කරන්නට සෑම නගරයකම වධකාගාර ඇති කරන්නට පියවර ගන්නවා.
වද පාරවල් රට පුරා වඳ මං තීරු ගමින් ගමට එයි!
අයාලේ යන ගවයන් පදිකයන්ට වදයක් නිසා රටපුරා ගව මංතීරු සකස් කරනවා.දියවන්නාවට යන මාර්ගයේ ගවයන්ට ගමන් කළ හැකි අධි ආරක්ෂිත නව මාවතක් සකස් කරනවා.අරගලකරුවන් පුනරුත්තාපනය කරන්න සිරිකොත හරහා මැදමුලන දක්වා අමුඩ පා පැදි සවාරියක් ලබන ඉරිදා පවත්වනවා.
මාධ්‍ය කාරයෝ මැති ඇමතිලාට වදයක්ද බං …!
අමුඩයාය ගමේ අප්පුහාමිගේ පත්තර අප්පු පුත්තරයා වදයක් නැතුව තම මාධ්‍ය රස්සාව කරනවාය.ඒකා මැති ඇමතියන්ට වදයක් බව නම් සැබෑය.
වඳ ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාවට මහ වඳයක්
රට කරවු පාලකයෝ ජනතාවට වඳ දෙති.සැඟව සිට පාරට පැන දඩ ගහන සමහර පොලිස් අප්පුලා වාහන රියදුරන්ට මහ මග වඳයකි.ඉපදෙන්නට පෙර සිටම,ඉපදින දා සිට මැරෙන තුරුම මේ රටේ පාලකයෝ ජනතාවට විවිධ ක්‍රම යටතේ වඳ දෙති.ඒ අනුව, වද වලින් ජනතාවට අඩුවක් නැත.පාලකයන්ගේ වඳ ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාවට සදාකල් වඳ විදින්නට සිදුව තිබේ.
හීන් අප්පුට වදයක් නොවන සැර පානය හීන් සැරේ මෙන්න!
ගමට පමණක් නොව පළාතටම මත්පැන් හදා බෙදන හීන් අප්පු අප්පුහාමිගේ පුත්තරයෙකි.මේකා බිරියට බිය නමුත්,ගමේම චණ්ඩියා වන්නේද හීන් අප්පුය.සමහර පොලිස් නිලධාරීන්ද සමහර සුරාබදු නිලධාරීන්ද මැති ඇමැතිවරුන්ද හීන් අප්පුට හීන් සැරේ සහයෝගය දෙන බැව් ගමම දැන සිටින රස රහසකි.ඒ නිසා ඒ ඇත්තෝ වදයක් නම් නොවන බව කියමින් හීන් අප්පු හීන් සිරුවේ මත්පැන් බෙදාහරින්නේ ය.
බිව්ව නේද වද කහ සුදිය.අනේ මගේ එමලි පනේ,යැයි කියමින් හීන් අප්පුගෙන් රා බී ගම අප්පුලා රෑ දවල් ගමට වදයක් වෙන හැටි දැකිය හැකි විය.
රට වනසන පරයන්ට රජකාලයේ දෙතිස් වඳ සතියේ බණ කතාව!
පෝයදාට පායන සඳ සමහරුන්ට වඳයක් අලුත්ම වදය සඳවදය මෙන්න!
අප්පුහාමිගේ ලොකු පුත්තරයා යාය විහාරයේ ලොකු හිමියෝ ය.දෙතිස් වද වද කොත්තු වද සැත්කම් ගැන කතා කරපු ඇත්තෝ ගිහින් සෞදි තානාපති සිප වැළඳගන්නවා.වද දෙන නෑයොන්ට වඩා වේයො හොඳයි.අම්මා අපි ගැන නිතරම වද වෙනවා.තවත් හිතේ තියන් වද විඳින්න ඕන නෑ.සියල්ලම අතහරින්න සිතට වදයක් නෑ. මේ රටේ රට කරවන,කරවපු සියලුම නායකයෝ ජනතාවට වඳ දුන්නා මෙහෙම නේ ද යැයි, අප හිමියෝ කීය.සතියේ බණ දෙසුමට එව සිටි සියලුම අප්පුහාමිලා සාධුකාර දෙනු ලැබීය.
වඳ වි යන අලුත්ම සත්ව කොට්ඨාසය මෙන්න!
වදවී යන සතුන් අතරේගත් කළ දේශපාලන සත්වයන් ඉදිරියේ දී වඳවෙන බව කියමින්,අප්පුහාමිගේ දොස්තර පුතා මිනී කාමරය පැත්තට ගියේ ලොකු මිසි ද එක්කරගෙනය.
මෙයට,නිමල් අල්ගෙවත්ත!