Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

T20 පළමු පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 33කින් ජය ගැනීමට සමත්විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුළු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස්කරගත හැකිවූයේ කඩුළු 05ක් දැවී ලකුණු 155ක් පමණයි.

මීළග පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Scroll to Top