Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොලඹ සහ ලුම්බිණිය අතර සෘජු ගුවන් සේවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොලඹ සිට නේපාලයේ ලුම්බිණිය අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරිම පිලිබඳව වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති බාෂු දේව් මිස්රා මහතා අතර සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ .

මෙහිදී නේපාල තානාපතිවරයා ඉල්ලා සිටියේ ,දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවාවන් කොලඹ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු දක්වා ක්‍රියාත්මක වන බවත් එමෙ සේවාවන් ලුම්බිණි නගරය දක්වා ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම ගුවන්සේවාව පුලුල් කිරීම තුලින් බුදුරජාණන්වහන්සේ උපන් ලුම්බිණිය වැඳ පුදාගැනීමට යන ශ්‍රී ලාංකීය වන්දනා කරුවන් සඳහා විශාල පහසුවක් සැලසෙන බවද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය .

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නේපාල ජාතිකයන් විශාල පිරිසක් කැමැත්තෙන් සිටින බවත් මෙම ගුවන් සේවාවන් පුලුල් කිරීම තුලින් කලක සිට පවතින දෙරටේ මිත්‍රත්වය සහ සබඳතාවයන් තවදුරටත් තහවුරු වන බවද පැවසීය.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියාසිටියේ , මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බැවින් මේ පිලිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය ,සිවිල් ගුවන්සේවා අධිකාරිය,ගුවන් තොටුපළ සමාගම යන ආයතන සමග සාකච්ඡාකොට කඩිනමින් පිලිතුරක් ලබාදීමට කටයුතුකරන බවයි.

මේ වනවිට නේපාලයේ පැවති දේශපාලන ගැටලු විසඳී රටතුළ ඉතා සාමකාමි තත්වයක් පවතින බවත් ඕනෑම විදේශිකයෙකුට නේපාලයේ සංචාරය කිරිමට බිය නොවිය යුතු බවද තානාපතිවරයා අමාත්‍යවරයාට තවදුරටත් පැවසීය.

දෙරටේ වානිජ කටයුතු සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම පිලිබඳව ද තානාපතිවරයා සහ අමාත්‍යවරයා සාකච්ඡා කරන ලදී . මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතාද සහභාගි විය.

Scroll to Top