ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලය මගින් වගාකරුවන් යොදා ගනිමින් මිරිදිය මත්ස්‍ය බිජ නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කල බව ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරි බුද්ධික කුෂාන් මහතා පැවසිය.
හැටන් රුවන්පුර ජනපදය කෙන්ද්‍ර කරගනිමින් එම ජනපදයේ කෘෂිකර්මාන්තය ජිවන උපාය වශයෙන් සිදු කරගෙන යන වගාකරුවන් කිහිප දෙනෙකු යොදාගනිමින් ටැංකි වල සහ පොකුණු වල මිරිදිය මත්ස්‍ය බිජ පැටවුන් හතලිස් දහසක් මුදා හැරිම සිදු කෙරිණ.
ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයේ අධික්ෂණය යටතේ මුදා හැරුණු මත්ස්‍ය බිජ පැටවුන් දින 45 කට පසුව මත්ස්‍ය ඇගිල්ලන් බවට පත්විමෙන් අනතුරුව එම මත්ස්‍ය ඇගිල්ලෙකු වගාකරුවන්ගෙන් රු 4 වැනි මිලකට මිල දි ගෙන එම මත්ස්‍ය ඇගිල්ලන් වතු ආශ්‍රිත පොකුණු වල සහ ජලාශවලට මුදා හරින බවයි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.
මිරිදිය මත්ස්‍ය බිජ පැටවෙකු වගාකරුවෙකුට සත 75 ක් වැනි මිලකට ලබාදෙන බවත්, දින 45 කින් පසුව වගාකරුවෙකුගෙන් මත්ස්‍ය ඇගිල්ලෙකු රු 4 වැනි මිලකට මිල දි ගැනිමෙන් වගාකරුවෙකුට දින 45 වැනි කෙටි කාලයක් තුල විශාල අමතර අදායමක් ලබාගත හැකි බවයි බුද්ධිය කුෂාන් මහතා කියා සිටියේ.
එම ව්‍යාපෘතිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභි වගාකරුවන් තොරා ගැනිම සිදු කරන බවත්, ස්වයං රැකියාවක් වශයෙන් මෙම ව්‍යාපෘතියට දායක විය හැකි බවයි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.
රංජිත්