Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රිදියගම සුරතල් සත්ත්ව කලාපය විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සුරතල් සත්ත්ව කලාපය නමින් රිදියගම සෆාරි උද්‍යානයේ අලුත්ම කලාපයක් විවෘත කර තිබේ.

සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.

2015 වර්ෂයේ මාර්තු මස 28 වන දින ප්‍රධාන කලාප තුනක් යටතේ විවෘත කෙරුණු රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ.

දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට ඒ තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවිහල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර තිබෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසා සිටි.

මේ සත්ව කලාප අතර අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කළාපයයි.

විශේෂයෙන්ම විවෘත කෙරුණු කලාපයතුල තවත් කලාප තුනක් ඇතුලත්වී තිබේ ඒ අතර කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග) සඳහා වන කළාපයක් හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කළාපයක් ද ඇතුලත්කර තිබේ.

විශේෂයෙන්ම මෙම නව කලාපය විවෘත කිරීම මගින් ශ්‍රී ලංකාවේ වදවිගෙන යන සතුන් සංරක්ෂණය කිරීම හා අභිජනනය කිරීම සිදු කෙරෙන බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.

මෙම නව කලාප අතුරින් සත්ව අභිජනන සංරක්ෂණ මධ්‍යස්ථානය හැර අනෙකුත් සියලු කලාප ජනතාව ට විවෘත කර තිබේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර ‘’අපේ රටේ වඳවෙලා යන සතුන් විශාල ප්‍රමාණයක් මේ ස්ථාන වල සංරක්ෂණය වෙනවා විශේෂයෙන්ම මෙම සතුන් වඳවෙලා යන වේගය අනුව මෙම සතුන් මෙම සත්වෝද්‍යාන තුල පමණක් ඉදිරියේදී ඉතිරිවන්නට පුළුවන් , ඒ වගේම මෙම සතුන් අභිජනනය කරලා සතුන් බෝකරලා මෙම සතුන් අපේ වනාන්තර තුලට මුදාහැරීමටත් දැන් අවදානය පවතිනවා.’’

‘’එමෙන්ම අපේ රටේ තිබෙන ආර්ථික තත්වයත් ජීවන තත්වයත් ගැන අපි හොදින් දන්නා කාරණයක් එවන් තත්වයක් තුළ විදේශ සංචරකයින් ආකර්ෂණය කරගැනීමට හැකිවන සේ මේ තුල සංචාරක ව්‍යාපාරය දියුණු කර පවතින ඩොලර් හිගය අනූ කරගනිමින් අපේ රටේ පවතින ගැටළු අවම කර ගැනීමට මෙය විවහල් වෙනවා’’

 

Scroll to Top