රටේ අනාගත සංවර්ධනයට දැඩි ලෙසෙ බලපාන ජනතා පරමාධිපත්‍ය බලය වැදගත්කම හා ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව සමාජ ක්‍රියාකාරීන් හා දේශපාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්යය ශාලාවේදී පැවැත්වින ,නුවරඑළිය මැතිවරණ කාර්යාලය සමඟ එක්ව නුවරඑළිය හඬ සංවිධානය විසින් සංවිධානය කර තිබුණු අතර වැඩසටහන පැවැත්වීම සදහා පැෆරල් සංවිධානය අනුග්‍රහය ලබා දී ඇත.
වැඩසටහනේ ප්‍රධාන දේශක වශයෙන් මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ මහතා සම්පත්දායකයා වශයෙන් සහභාගි වූ අතර ඔහුගේ දේශනයෙදී ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සිට ජාත්‍යන්තරවාදයේ ජනතා පරමාධිපත්‍ය අයිතිය සහ වගකීම පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන සදහා නුවරඑළිය මැතිවරණ කාර්යාලය නිලධාරීන් , නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා , නුවරඑළිය ජනතා සංවිධානයේ නිලධාරීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
රංජිත්