පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්රී ලංකාව ලෝකයේ මිත්රශීලී රටවල් දහය අතරට පත් වූ බව Condé Nast Traveler නිල වෙබ් අඩවිය පවසනවා.
එම වෙබ් අඩවියේ 2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී, මිත්රශීලී පුද්ගලයින්ගේ නිවහන ලෙස ඔවුන් සලකන රටවල් සඳහා ඡන්දය ප්රකාශ කරන ලෙස ඔවුන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මනාපය අනුව මිත්රශීලී රටවල් දහය තෝරා ගෙන තිබෙනවා.
ශ්රී ලංකාවට එම ස්ථානය වෙන් කරන අදාල වෙබ් අඩවිය කියා සිටින්නේ, “ළමයින්ගේ සිට මහලු අය දක්වා, ශ්රී ලංකාවේ මිනිසුන් අමුත්තන්ට ඇති ආදරය සහ උපකාර කිරීමට ඇති අවංක ආශාව සඳහා ප්රසිද්ධය.
ප්රංශ පොලිනීසියාව ,කොලොම්බියාව, නවසීලන්තය,තායිලන්තය,කොස්ටාරිකාව,බොට්ස්වානා, පේරු,බෙලීස්,ශ්රී ලංකාව,පිලිපීනය