Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සපුගස්කන්ද අද සිට වැසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

බොරතෙල් නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

පසුගිය 23 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහ මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මෙරටට පැමිණ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූ බොරතෙල් නැව් සඳහා දිනකට ඩොලර් එක්ලක්‍ෂ විසිදහසක් බැගින් ගෙවීම කළ බවත්, එහෙත් පසුගිය 23වැනිදා පැමිණි නැවට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්ෂ පනස්දහස බැගින් ගෙවීමට සිදුව තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 90කට මිලදී ගැනීමට හැකියාව තිබෙන බවත්, එහෙත් මේ වනවිට ගෙවා තිබෙන බොරතෙල් සඳහා ඊට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙන බවත් ප්‍රකාශ කළ හෙතෙම, වැඩි මිලට බොරතෙල් ගෙවීමට කටයුතු කළද, මෙම බොරතෙල් තුළින් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් නිෂ්පාදනය විශාල ලෙස අඩු වී තිබෙන බවද පවසා සිටියේය.

Scroll to Top