මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොවේය යන ධර්මතාවය මත පදනම් වූ සත්ත්ව අවිහිංසාව, සත්ත්ව හිමිකම් හා සුබසාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම ඔක්තෝම්බර් 04 වන දින ලෝක සත්ත්ව ආරක්ෂණ දිනය සමරනු ලබයි.
මේ පිළිබඳ මූලික සංකල්පය ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ ලොවට බිහිවූයේ බුදු දහමින් සහ ජෛන දහමිනි. ක්‍රි. ව. 1182 දී ඉතාලියේ ජීවත් වූ ප්රැන්සිස්කු කිතුණු පූජකතුමාගේ ඉදිරිපත්වීමෙන් ජාත්‍යන්තර සත්ත්ව ආරක්ෂණ සංකල්පය ලොවපුරා ප්‍රචලිත වූ අතර ජීවිතකාලයෙන් වැඩි කොටසක් සත්ත්ව ලෝකය ආරක්ෂා කිරීමට වෙහෙසුණු එතුමා මියගිය දිනය සිහිපත් කරමින් සෑම වසරකම ලෝක සත්ත්ව දිනය සමරනු ලැබීය.
අද දින නිවාඩුව පිළිබඳ අදහස මුලින්ම යෝජනා කළේ 1925 දී ජර්මානු ලේඛකයෙකු සහ cynologist Heinrich Zimmerman විසිනි. සත්ව ආරක්ෂණ දිනය මාර්තු 24 වන දින බර්ලිනයේ වසර කිහිපයක් පැවැත්විණි, පසුව එය ඔක්තෝබර් 4 දක්වා ගෙන යන ලදී. දිනය අහම්බයක් නොවේ – මෙය ෆ්රැන්සිස්කානු ශාසනයේ නිර්මාතෘ සහ ස්වභාවධර්මයේ සහ සතුන්ගේ අනුශාසක සාන්තුවරයා වන අසීසියේ කතෝලික ශාන්ත ෆ්රැන්සිස්ගේ මතක දිනයයි. පුරාවෘත්තයට අනුව ශාන්ත ෆ්‍රැන්සිස් සතුන් සමඟ කතා කිරීමට සමත් වූ අතර, එම නිසා ඔහු ඔවුන්ගේ සමාගම තුළ බොහෝ සිතුවම් සහ අයිකනවල නිරූපණය කර ඇත.
පසුව, 1931 දී, ෆ්ලොරන්ස් හි පැවති සතුන් ආරක්ෂා කිරීම සඳහා වූ ලෝක සංවිධාන සම්මේලනයේදී, සිමර්මන් මෙම දිනය ලොව පුරා සිදු කරන ලෙස යෝජනා කළේය. එතැන් සිට, සැමරුමට සහභාගී වන රටවල් ගණන නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී. අපේ රට මෙම වැදගත් දිනය සැමරීමට පටන් ගත්තේ 2000 දී ය.
මරණයට කැප වූ මුවකුට අභයදානය දෙමින් මිහිඳු මා හිමියන් බුදු දහම ඔස්සේ මෙරටට හඳුන්වා දුන් අවිහිංසාව හා කරුණාව ප්‍රබල සමාජමය පෙළ ගැස්මකට මඟ පෑදීමකි. ඒ අනුව ආගම්, ජාති, සංස්කෘතික, දේශපාලන භේදයකින් තොර සැමරීමට පමණක් ලඝු නොවිය යුතු මාතෘකාවක් බවට ලෝක සත්ත්ව දිනය පත්ව ඇත. ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ හමුවේ සත්ත්ව දින සැමරුම අදට පමණක් සීමා නොවිය යුතු බව අප තරයේ සිහිතබා ගත යුතුය.
කොවිඩ්-19 වසංගතය හමුවේ සොබාදහම ආරක්ෂා කිරීම පිළිබඳව ලොව පුරා කතිකාවක් ගොඩ නැගෙමින් පවතින යුගයක, සත්ත්ව ලෝකයේ නිසඟ වටිනාකම සහ ඔවුන්ගෙන් මිනිසාගේ පැවැත්ම උදෙසා ලැබෙන්නාවූ පාරිසරික, ජීවවිද්‍යාත්ම දායකත්වය සුළු පටු නොවේ.
පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් බැට කන්නට සිදුව ඇති මිනිසා විසින්ම ස්වභාව දහමේ නිර්මාපකයින් වූ සත්ත්ව ලෝකය විනාශ කරනු ලබන්නේ කෲර ලෙසිනි. මිනිසාගේ වානිජමය අරමුණු හා ආහාර, ඖෂධ, රූපලාවන්‍ය, මෝස්තර, ක්‍රීඩා, විනෝදාංශ, විසිතුරු නිර්මාණ, පර්යේෂණ යනාදී නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා වනජීවීන් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වේ.
මිනිසා විසින් ප්‍රමාණය ඉක්මවා සිදුකරණු ලබන මෙම අධි භාවිතය හේතුවෙන් හා භූමිය බෙදා ගැනීමේ ගැටළුව සමඟ සත්ත්ව ලෝකය වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. මෙවැනි පසුබිමක අප සියලු දෙනා සහයෝගය ලබාදිය යුත්තේ මතු පරපුර වෙනුවෙන් සත්ත්ව ලෝකය සුරක්ෂිත කිරීමටයි.
සොබා දහමේ නිත්‍ය නියෝජිතයන් වන සත්ත්වයින් විවිධාකාර වූ මුහුණුවරින් සහ තමන්ටම අනන්‍ය වූ ඇවැතුම් පැවැතුම් තුළින් මේ ධරණි තලය මානවයාගේ හිතසුව පිණිස සොඳුරු නවාතැනක් බවට පත් කිරීමට ඉටු කරනා නිහඬ මෙහෙවර පිළිබඳව ඇගයීමකට මෙවර ලෝක සත්ත්ව ආරක්ෂණ දිනයේදී පෙළ ගැසෙමු!